18 වන LSR කලම්බු මැරතන් තරගාවලිය හෙට ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සුදානම් බව සංවිධායක මණ්ඩලය සදහන් කරනවා. අන්තර් ජාතික මැරතන් තරග කාලසටහනට ඇතුලත්ව ඇති ශ්‍රී ලංකාවේ එකම මැරතන් තරගය වන්නේ LSR කලම්බු මැරතන් තරගයයි. කොළඹ නිදහස් චතුරස්‍රය අසලින් ආරම්භ කර මීගමුව වෙරළ උද්‍යානය දක්වා කිලෝමිටර් හතලිස් දෙකක දුරක් තරගය පැවැත්වීමට නියමිතයි. ඊට රටවල් හතලිස් හයක් නියෝජනය කරමින් ප්‍රධාන පෙලේ මැරතන් තරගකරුවන් ඇතුළු ධාවකයින් හයදහසකට අධික පිරිසක් එක්වන බව සංවිධායකයින් පවසනවා.
මෙම ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය පරික්ෂණ හා ලියාපදිංචිකිරිම අද(06) දිනයේදී කොළඹ රීඩ් මාවත ක්‍රීඩා පිටියේදී සිදු කෙරුණා. මෙම ප්‍රධාන තරගයට සමගාමීව අර්ධ මැරතන් තරගයක් මෙන්ම කිලෝමිටර් පහක හා දහයක තරගද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම තරගාවලියට නිල ගුවන් විදුලි මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN FM.