ඉන්දියාවේ ජම්මු ශ්රී නගර් අධිවේගී මාර්ගයක සිදු වු අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අධිවේගී මාර්ගයේ ගමන් කළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන හෙලකට වැටීමෙන් අනතුර සිදු වුණා. ඒ බනිහාල් සිට රම්බාන් දක්වා ගමන් කරමින් සිටියදීයි. අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබුවා. අට දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි එරට රෝහල් අංශ සදහන් කරන්නේ. රියදුරුගේ නොසැලකිලිමත් ධාවනය අනතුරට හේතු වු බවටයි පොලිසිය සැක පළ කරන්නේ.