ජනතාව ණය බරින් පීඩාවට පත් කළ මහින්ද රාජපක්ෂ මහතා යළි ආර්ථිකය ගොඩනැගීමට අදහස් පළකිරීම හාස්‍යයට කරුණක් බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසනවා. ගිරිඋල්ල ප්‍රදේශයේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ගිරිඋල්ල නගරයේ නව බස්නැවතුම්පළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබිමේ උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන හැත්තෑ හතරක්. නාගරික සංවර්ධන අධිකාරිය, පන්නල ප්‍රාදේශිය සභාව සමගින් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා , පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/U2uMw0aLGZU”]