ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලිස් සේවාවේ චීන ජාතික ප්‍රධානියා වන මෙන්ග් හොන්ග්වේ සිය මව් රටේ සංචාරයක නිරතව සිටියදී අතුරුදන් වී තිබෙනවා.
ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රංශ පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර පොලීසියේ මූලස්ථානය ප්‍රංශයේ පිහිටා තිබෙනවා. ඔහු ප්‍රංශයේ සිට චීනයට පැමිණ ඇත්තේ පසුගිය සැප්තැම්බර් 25 වනදායි. ඔහු පිළිබද සෙවීමේ කටයුතු ආරම්භ කෙරුණේ ඔහුගේ බිරිද මේ සම්බන්ධයෙන් ප්‍රංශ පොලීසියට දැනුම් දීමෙන් අනතුරුවයි.
ඇයට සමාජ ජාල ඔස්සේ සහ දුරකතන ඇමතුම් මගින් තර්ජන එල්ලවී තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. 64 හැවිරිදි මෙන්ග් හොන්ග්වේ අපරාධ මැඩලීම සහ පොලිස් කටයුතු පිළිබද වසර 40 ක පළපුරුද්දක් සහිත අයෙකු බව විදෙස් වාර්තා සදහන් කරනවා.