Life+News The Official News Portal of Independent Television Network Ltd

පහේ ශිෂ්‍යත්ව විභාගය මතකය පරීක්ෂා කිරීමේ විභාගයක් පමණයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 18:34

පහේ ශිෂ්‍යත්ව විභාගය මතකය පරීක්ෂා කිරීමේ විභාගයක් පමණයි

පහේ ශිෂ්‍යත්ව විභාගය මතකය පරීක්ෂා කිරීමේ විභාගයක් පමණක් බවත් එය දරුවන් මැනීම සඳහා යොදා නොගත යුතු බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. සෑම දරුවෙකුටම සාධාරණයක් ඉටුකිරීමට ගුරුවරුන් කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගුරු ප්‍රතිභා ප්‍රභා 2018 ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇගයීමේ ජාතික උත්සවය අද කොළඹදී පැවැත්වුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. ලෝක ගුරු දිනය නිමිත්තෙන් උත්සවය සංවිධානකර තිබුණා. රාජ්‍ය අමාත්‍ය වී රාධාක්‍රිෂ්ණන්, අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ගුරු ප්‍රතිභා ප්‍රභා ගුරු විදුහල්පති ප්‍රණාම උළෙල අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව පැවැත්වීමට කටයුතු කරනවා. ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ සේවය ඇගයීම මෙහි අරමුණයි. ඔවුන්ගේ වෘත්තීය පරිපූර්ණත්වයත්, ජීවන තත්ත්වය යහපත් කිරීමත් අරමුණුකර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය වසර කිහිපය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. ඒ අතර යල් පැනගිය නීති රෙගුලාසි චක්‍රලේඛ වෙනුවට අනාගතයට ගැලපෙන පරිදි ඒවා සකස් කිරීමට පියවර ගැණුනා. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ගුරුවරයෙකු පාසල් පද්ධතියට යොමුකිරීම එහි අරමුණයි. ඒ අතර වසර දහයකින් පවත්වා නොතිබූ විදුහල්පති විභාගය පවත්වා හාරදහසකට ආසන්න ප්‍රමාණයක් විදුහල්පතිවරුන් ලෙස බඳවා ගැනීමට වත්මන් රජය කටයුතු කළා.

වතුකරයේ පාසල් සඳහා අත්‍යවශ්‍යව සිටි ගුරු සහායකයින් 2896 ක් බඳවා ගැනීමට ද මෙම කාලය තුළදී කටයුතු කර තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල ස්වෙච්ඡා ගුරුවරුන් 1732 ක් සුදුසුකම් මත ගුරු සේවයට බඳවා ගැනීමට ද කටයුතු කෙරුණා. ගුරුවරුන් සඳහා ගත් ඉදිරිගාමී පියවරක් ලෙස ගර්භනී ගුරුවරියන් සඳහා පහසු ඇඳුමක් හඳුන්වාදීම විශේෂත්වයක්. තවද සියලු විෂය මාලා නවීකරණය කරමින් අනාගතයට උචිත විෂයන් රැසක් අලුතින් හඳුන්වා දීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 18:34
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්