අධිවේගී දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගැටලු මතුව ඇත්තේ අදාළ සමාගම අවශ්‍ය තරම් තොරතුරු ලබාදීමට කටයුතු නොකිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වැඩ බලන සභාපති මංගල යාපා මහතා පවසනවා. ඒ මහතා අද(05) විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවට කෙරෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
අධිවේගී දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියක් ජර්මන් සමාගමක් මගින් මෙරට ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබුණද ඊට දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි පසුගිය කාලය තුළ විවිධ මාධ්‍ය තුළින් වාර්තා පළ වුණා. සිලෝන් හයි ස්ප්‍රීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගම දේශීය අධ්යක්ෂවරු දෙදෙනකු හා විදේශීය පාර්ශ්වයන් කිහිපයක් සමග හවුල්කාරීව මෙම අධිවේගී දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද (05) පැවති මාධ්‍ය හමුවේදී ආයෝජන මණ්ඩලයේ වැඩ බලන සභාපතිවරයා කරුණු පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wZX0BrUiGME”]
මෙහිදී ආයෝජන මණ්ඩලයේ වැඩ බලන සභාපතිවරයා තවදුරටත් සදහන් කළේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා හෝ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ බවයි. ඔහු පෙන්වා දුන්නේ ආයෝජන මණ්ඩලය ඉල්ලා ඇති තොරතුරු නිසි පරිදි ලබා දෙන්නේ නම් ඊට අනුමැතිය ලබා දීමට ගැටලුවක් නොමැති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/8s-99nZFU20″]