Life+News The Official News Portal of Independent Television Network Ltd

සිව්වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙල ඇරඹේ ..

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 11:51

සිව්වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙල ඇරඹේ ..

යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ පසුගිය 03 වැනිදා ආරම්භ වුණා.

ලබන 08 වැනි දින දක්වා සිව්වෙනි වරටත් යාපනයේදී පවත්වනු ලබන මෙම සිනමා උළෙල ඉදිරිපත් කරනු ලබන්නේ සිලෝන් තියටර්ස් සමාගම සහ යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශය හා එක්ව Agenda 18 ආයතනයයි.

වෘත්තාන්ත, වාර්තා හා කෙටි චිත්‍රපට 80 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් මෙවර සිනමා උලෙළ සඳහා රටවල් 30 ක් පමණ සහභාගි වනවා.

යාපනයේ කාගිල්ස් චතුරස්‍රයේ ,මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ පැවැත්වෙන මෙහි සම්මාන ප්‍රදාන උත්සවය ඔක්තෝම්බර් 08 වනදා  සවස 6.15 ට ආරම්භ වීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් වෙනුවෙන්වෙ පිරිනැමෙන යාවජීව සම්මානය, තරුණ සිනමාකරුවන්ගේ ප්‍රථම චිත්‍රපටය, හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය, හොඳම දේශිය කෙටි චිත්‍රපටය හා වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනූ කෙටි චිත්‍රපටය යන කාණ්ඩ ඔස්සේ සම්මාන පිරිනැමීම සිදු කෙරෙනවා.

මලයාලම් සිනමාකරු ෂාජි නාරායන් කරුන්ගේ ‘පිරවි’ (1989) ‘වනප්‍රසාදම්’ (1999). ‘කුට්ටි ග්‍රානක් (2009) ‘ස්වාප්පානම් (2013) සහ තවත් ඔහුගේම කෙටි චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනය කරන අතර ඔහු මෙම චිත්‍රපට උලෙළේ අවසාන දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ද සහභාගිවීමට නියමිතයි.

මෙම සිනමා උළෙලට අදාළ ප්‍රදර්ශනයන් මැජෙස්ටික් සිනෙ ප්ලෙක්ස්,යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාස ශ්‍රවණාගාරය, මහජන පුස්තකාල ශ්‍රවණාගාරය,බ්‍රිතාන්‍ය කවුන්සිලය, ඇමරිකන් කෝනර් ආදී ස්ථානවලදී පැවැත්වෙනවා.

ප්‍රවීණ ඇමෙරිකානු සිනමාකරු බ්‍රැඩ් ඕල්ගුඩ්, සම්මානලාභී ඉන්දීය සිනමාකරු ෂාජි නාරායන් කරුන්, සම්මානලාභී ඉන්දීය සිනමා නිළි ඌර්වසී අර්චනා සහ සුප්‍රකට ඊජිප්තු සිනමා විචාරක සාෆා එලයිසි හැග්ගැග් විසින් වෘත්තීයමය නිපුනත්වය නවක සිනමාකරුවන් සමඟ බෙදා හදා ගන්නා Master Class කිහිපයක් ද මෙම උලෙළේදී පැවැත්වෙනවා.

හැත්තෑව දශකයේ සිට අසූව දශකය දක්වා යාපනයේ සිනමාවේ ගමන් මඟ සම්බන්ධව සංවිධානය කරන Ever Green Silver Screen A Walk Through 70-80’s Cinemas of Jaffna’  නමැති අතීත සැමරුම් චාරිකාවක් යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ ප්‍රධානි හා දෘශ්‍ය කලා ශිල්පී ආචාර්ය ටී. සනාතනාන් මහතා විසින් සිදු කිරීමට  නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 11:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්