34 වන ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ මේ වනවිට නව තරග වාර්තා හතලිස් එකක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වී තිබෙනවා. තරගාවලියේ සමාප්ති උළෙල අද (05) පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්දහසකට අධික පිරිසක් එක්ව සිටිනවා. තරගාවලියේ මේ වන විට පවත්වා ඇති තරගවල දී බාලක අංශයේ නව තරග වාර්තා 22 ක් පිහිටුවීමට ක්‍රීඩකයින් සමත්වුණා. නව තරග වාර්තා 19 ක් බාලිකා අංශය යටතේ බිහිවී තිබෙනවා. තරගාවලියේ මේ වන විට සමස්ත ප්‍රතිපල අනුව වැඩිම ලකුණු ලබාගෙන තිබෙන්නේ බස්නාහිර පළාතයි. එහි දෙවන ස්ථානය මධ්‍යම පළාතට හිමිවී තිබෙනවා.