Life+News The Official News Portal of Independent Television Network Ltd

පෝලිම් යුගයක් වෙනුවට පොහොසත් යුගයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 18:21

පෝලිම් යුගයක් වෙනුවට පොහොසත් යුගයක්

ආයෙත් පෝලිම් යුගයක් එනු ඇතැයි හීනෙන් බය වී නන්දොඩවන පිරිසක් ඊයේ පෙරේදා සිට කරළියට පැමිණ තිබේ.  පිටරටින් ගෙන එන භාණ්ඩ සඳහා සීමා පැනවීමක්  ආණ්ඩුව පැත්තෙන් යෝජනා කීරීම මේ හීනෙන් බය වීමට හේතු වී ඇත.  1970 -77කාලයේදී එවකට පැවැති සමඟි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියයි. පිට රටින් ගෙන එනු ලබන දෑ වලක්වා මෙරටට අවශ්‍ය නිශ්පාදන මෙරටදිම නීපදවා ගැනීම එකල තිබු ලෝක හා මෙරට ආර්ථික ප්‍රවණතා අනුව තීරණය කර තිබිණි.

නමුත් 1977 වන විට තව දුරටත් සංවෘත ආර්ථිකයකින් යැපෙන්නට නොහැකි බව ඒ ආණ්ඩුව තේරුම් ගන්නා විට පෙරහැර ගොස් අවසන්ය.  1977 දී නව පාලනයක් බිහි විය විවෘත ආර්ථිකය ක්‍රියාත්මක විය. පෝලිම් යුගය නැවතිණි. ඇති තරම් බඩු භාණ්ඩ වෙළඳ පොළට ආවේය. රට පිමි ගණනාවකින් ඉදිරියට ආවේ ලෝකය සමඟ ගැට ගැසුණු විසල් ආර්ථිකයක් ලෙසිනි.

විවෘත වෙළඳ පොල ආර්ථික ක්‍රමය අද මුළු ලොවම පිළිගන්නා ආර්ථික ක්‍රමය බවට පත් වෙමින් තිබේ. එහෙත් ඒ ආර්ථිකය ද නිසි ලෙස රටක් විසින් කළමනාකරණය කර නොගත්තොත් රටේ ආර්තිකය කඩා වැටීමට හේතු වනු ඇත. මහින්ද රාජපක්ෂ යුගයේදී සිදු වුයේ එයයි.රට අවසානයේ දැවැන්ත ණය උගුලක සිර විය. රුපියල හා ඩොලරය අතර පරතරය පාලනය කර ගැනිමට රටේම ආර්ථිකය උගස් කිරීමට සිදු විය.

ඒ වගේම අධික ලෙස ලාබ ලබන වසුරු කුලයේ ව්‍යාපාරික පන්තියක්ද බිහි විය.  නිවැරදි බදු ප්‍රතිපත්තියක්  නොතිබීම නිසා රාජ්‍ය ආදායම් හිඟ විය. සියල්ල ආයාලේ ගියා විනා  රාජපක්ෂලාට ඒවා නිවැරදි කරන්නට උවමනාවක් වූයේ නැත. තමන්ගෙගේ බඩ ගොස්තරයට මුල් තැන දීම රාජපක්ෂවරුන්ගේ ආර්තික ප්‍රතිපත්තිය විය. තව දුරටත් රට පවත්වාගෙන යෑමය නොහැකි තැන නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් කැඳවා රටේ බලය කොල්ල කා ගැනිමට තක්කඩි උත්සාහයක් ද ගනු ලැබීය. නමුත් රට වැසියාගේ වාසනාවට රාජපක්ෂලා පරාජය විය.

වර්තමානයේ ඩොලරය ශක්තිමත් වීම නිසා ලෝක ආර්ථිකයම ගැටළුවකට මුහුණ පා තිබේ. එහෙත් රුපියල අවපාතයට ලක් වීමෙන් රටේ ආර්ථිකයට වන හානිය වලක්වා ගැනිමට හැකිව තිබේ. ඒ සඳහා රජය ගත් පියවර වූයේ ආනයනයන් සීමා කිරීමය. එය තාවකාලික පියවරකි. එමෙන්ම රජයේ අවධානය අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් යොමුව පවතී. ඩොලරයේ අගය ඉහල යෑම රටට අවාසියක් කර ගන්නවා වෙනුවට රටට වාසිදායක තත්වයක් කරා පෙරලා ගැනීමට කල්පනා කිරීම අද නිවැරදි ආර්තික කළමනාකාරිත්වය ගැන  සාක්ෂියකි.  මේ නිසා පෝලිම් යුගයක් වෙනුවට පොහොසත් යුගයක් ගැන හින මැවීම නම් දැන් කළාට කමක් නැත.

දැන්ට මේ ඇති සෙස්ස පස්සට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 18:21
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්