හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාගෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ප්‍රශ්න කිරීමක් සිදුකර තිබෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලබන 10 වනදා ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ ඉන්දියාවේ සෝනි ආයතනයටයි. මෙම ගිවිසුමට අනුව රුපියල් කෝටි 89 කට අධික මුදලක් මූලික ගෙවීම් ලෙස ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දිය යුතු ව තිබුණා. එම මුදල හොංකොං හි පිහිටි පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් ලිඛිතව සෝනි ආයතනයට දැනුම් දී තිබෙනවා. මෙම සිදුවීමට අදාළව ඈෂ්ලිද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (04) දිනයේ පැය 09 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා.
[ot-video type=”youtube” url=”https://youtu.be/zwYQ-cS-yKE”]