රජයේ මැදිහත් වීමෙන් පාලනය කෙරෙන ඉන්දියාවේ රුපියල අවම අගයක් වාර්තා කළා. ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය එරට රුපියල් 73.42 ක් දක්වා පහළගොස් තිබෙනවා. එය මෑත ඉතිහාසයේ ඉන්දීය රුපියල වාර්තා කළ අවම අගයයි. ඉන්දීය රජය එරට සංචිත බැංකුව හරහා රුපියලේ අගය පාලනය කිරීමට පියවර ගත්තද එය ඵලදායක වී නැති බවයි විශ්ලේෂකයන්ගේ අදහස. මෙම මාසය තුළදී පමණක් ඉන්දීය මූල්‍ය වෙළෙඳපලට එරට රුපියල් කෝටි තිස්හය දහසක් පමණ මුදා හැරීමට නියමිතයි. ඒ ඔස්සේ රුපියලේ අගය ස්ථාවර කරගැනීම ඉන්දීය රජයේ අරමුණ වී තිබෙනවා.
මේ අතර ලෝක වෙළදපලේ බොරතෙල් මිල ඉහල යාම නිසා ඉන්දීය රජය එරට තෙල් මිල සීග්‍රයෙන් ඉහළ දැමීමට කටයුතු කළා. ප්‍රාන්ත 04 ක ජනතාව ඊට එරෙහිව ප්‍රබල විරෝධයක් දැක්වීම කැපී පෙනෙන සිද්ධියක්. එම විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් එරට රජය පැවසුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගැනීම මූලික කාර්ය බවයි. එම නිසා තෙල් මිල අඩුකළ නොහැකි බවයි එරට රජය අවාධාරණය කළේ. කෙසේ වෙතත් අද තෙලගානා , ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල පෙට්‍රල් සහ ඩීසල් මිල ඉන්දීය රුපියල් 2.50 කින් අඩුකර තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ එරට මධ්‍යම රජය ඉන්ධන මත අය කළ බදු අඩුකිරීමයි.