යන්තම්පලාව සතොස ගබඩාවෙන් රුපියල් ලක්ෂ 50 කට අධික භාණ්ඩ තොගයක් රැගෙන මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට එරෙහිව විභාගවන නඩුව මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ අද (04) යළි විභාගයට ගැණුනා.
යන්තම්පලාව සතොස ගබඩාවේ සේවයේ නියුතු ලිපිකාරිණී රොෂානි හෑන්කොක් මහත්මිය අද (04) සාක්ෂි ලබාදුන්නා. රොෂානි මහත්මිය පවසා සිටියේ යන්තම්පලාව සතොස ශාඛාවේ කළමනාකරුගේ බලපෑම මත වව්චර්පත්වල සහ රිසිට්පත්වල යම් කොටස් මකාදමන්නට තමන්ට සිදුවූ බවයි. 2015 මැයි මස 11 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණ තමාගෙන් කටඋත්තරයක් ලබාගෙන තමා සතු ලියකියවිලිද රැගෙන ගිය බව ඇය පැවසුවා. වැඩිදුර විභාගය ලබන 8 වනදා දක්වා කල්තැබූවා. ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.