පාකිස්ථාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජනරාල් ඉක්රම් උල් හක් ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවුණා. ඒ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී. ආරක්ෂක ලේකම්වරුන් දෙදෙනා ද්විපාර්ශ්වික කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය සදහන් කළේ. පාකිස්ථාන – ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ආරක්ෂක සමුළුවට සහභාගීවීම වෙනුවෙනුයි එරට ආරක්ෂක ලේකම්වරයා ඇතුලු පිරිස දිවයිනට පැමිණියේ. දෙරටේ සන්නද්ධ හමුදා අතර වෘත්තිමය සහ අන්‍යෝන්‍ය සබදතා එලදායි ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සමුළුව පැවැත්වෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/Secretary_of_Defence_of_Pakistan_meets_Secretary_Defence20181003_01p2.jpg”]