යාපනය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලු 16 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. තවත් පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. ඒ යාපනයේ ව්‍යාපාරිකයෙකුගේ පැමිණිල්ලක් පොලිස් පොතට ඇතුලත් කිරීමට ප්‍රමාදවීමේ චෝදනාව හේතුවෙන්. යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිය වෙළෙද සැල කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසියට පසුගිය 24 වනදා පැමිණිල්ලක් කළා. එය භාරගෙන තිබුණ ද පොලිස් පොතට ඇතුලත් කිරිම සදහා ප්‍රමාදයක් සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පෙන්වා දෙන්නේ.