Life+News The Official News Portal of Independent Television Network Ltd

බොලිවුඩ් සිනමාවේ සම්මානනීය කතුවරිය Twinkle Khanna

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 14:10

බොලිවුඩ් සිනමාවේ සම්මානනීය කතුවරිය Twinkle Khanna

බොලිවුඩ් සිනමාවේ අපුරු රූපයක් සහිත නිළියක් 90 දශකයේ සිනමා රසිකයින් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා. ඒ තමයි Twinkle Khanna. පසුකාලීනව ඇය රසිකයින් හඳුනා ගත්තේ ජනප්‍රිය බොලිවුඩ් නළු Akshey Kumarගේ බිරිඳ විදිහට, කොහොම නමුත් ට්වින්කල් ගැන නැවත වරක් කතාබහක් ඇතිවෙන්නේ අලුත් චිත්‍රපටයක් නිසා නම් නෙමෙයි. ඇය රචනා කළ අලුත්ම කෘතිය එළිදක්වා තිබෙන නිසයි ඒ. පොත නම්කර තිබෙන්නේ Pijamas are Forgiven නමින්.

බොලිවුඩ් නිළියක් විදිහට බොහෝ දෙනෙක් හඳුනා ගත්තා වුනත් ඇය ජනප්‍රිය කතුවරියක්. පොත් කිහිපයක්ම රචනා කළ Twinkle ඒ වෙනුවෙන් විවිධ සම්මාන පවා හිමිකරගෙන තිබෙනවා. ඒ අතුරින් The legend of Lakshmi Prasad නමින් ඇය රචනා කළ කෘතිය ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කෙරුනා. Akshey Kumar ප්‍රධාන චරිතය රඟපෑ ඒ චිත්‍රපටයේ නම Padman. බොලිවුඩ් සිනමා රසිකයින් අතර මේ චිත්‍රපටය විශාල ලෙස ජනප්‍රිය වුනා.

1974 දෙසැම්බර් 29 වැනිදා උපත ලැබූ ට්වින්කල්, Rajesh Khanna සහ Dimple Kapadiaගේ දියණියක්. සිනමාව උපතින්ම උරුම කරගෙන සිටි ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියත් නිළියගේ භූමිකාවේ ඇය දිගටම රැඳුනේ නැහැ. ඇය සාහිත්‍යකරණය තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය විදිහට තෝරා ගන්නවා. ග්‍රන්ථ කතුවරියක් වගේම, කොලම් රචිකාවක් විදිහටත් ඇය ඉන්දීය පාටකයින් වගේම ලොව පුරා ඇගේ පාටකයින් අතර ජනප්‍රියයි. ගෘහ අලංකරණ ශිල්පිනියක් විදිහටත් ඇය වෘත්තීයවේදිනියක් ලෙස කටයුතු කරනවා. Mrs.Funnybones, The legend of Lakshmi Prasad, වැනි ඇගේ කෘති අතිශය ජනප්‍රිය වුනා.

2016 වසරේ පැවැත්වුණු Crossword book award සම්මාන උළෙලේදී ඇය සම්මානයට පාත්‍ර වුනා. India today women writer of the year 2016, Vogue women of the year 2017, Atta Gallata book awards 2017 වැනි සම්මානවලින් ඇය ඇගයීමට ලක්ව තිබෙනවා. Twinkle Khanna රචනා කළ අලුත්ම කෘතිය දැන් පාඨකයන් වෙත ඉදිරිපත් කොට තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 14:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්