මැදවච්චිය පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේ පිහිටි බෝක්කුවක් තුළ තිබියදී අත්බෝම්බ 02 ක් සොයා ගෙන තිබෙනවා. නාවික හමුදා කඳවුරට මීටර් 300 ක් පමණ ආසන්න ජල නල පද්ධතියක් එලීමේ කටයුතු සිදු කරන සේවකයින් පිරිසකටයි මෙම අත්බෝම්බ හමුවී ඇත්තේ.
ඔවුන්ගේ දැනුම් දීමෙන් පසුව මැදවච්චිය පොලීසියෙන් අදාළ ස්ථානයට පැමිණ අත්බෝම්බ දෙක රැගෙන ගොස් අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට ලබා දීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.