සමගි සම්පන්න සමාජයක් ගොඩනැගීමට ජාතික සමථ මණ්ඩල නිලධාරින්ගෙන් ඉටුවන සේවාව ප්‍රශංසනීය බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 28 වන ජාතික සමථ දින ජාතික උත්සවය අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ පොදුබව සහ සාමුහිකත්වය ලිහිල් වූ තැන අසමගිකම් සහ අවිනීතකම් ගොඩනැගෙන බවයි. ආගමික දර්ශනය අනුව සාමයෙන් සහ සමගියෙන් ජීවත්විම පිළිබඳ මිනිසුන් තුළ යහපත් මානසිකත්වය ගොඩනැගීම සහ ව්‍යවස්ථාපිත තත්ත්වයන් අනුව විනය, නිතිය හා සමගිය ගොඩනැගීම යන කරුණු දෙක පදනම් කර ගනිමින් පුළුල් වැඩකොටසක් ඉටුකරන ජාතික සමථ මණ්ඩලය, ගැටලූ විසදමින් ජනතාවට සහන සැලසීමට ඉටුකරන මෙහෙවර ද ජනාධිපතිතුමාගේ ඇගැයිමට ලක් විය.
මෙහි දී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ් අද සමාජය තුළ මුල්බැස ගෙන ඇති හොරකම, නාස්තිය සහ දූෂණය තුරන් කිරීම සඳහා ග්‍රාමීය වශයෙන් මෙන්ම ඉහළ සිට පහළට සියලූ දෙනා වගකීම් ඉටුකළ යුතු බවයි.
සමථ මණ්ඩල ක්‍රමය ආරම්භයේ සිට වසර 28 ක් පුරා තම නිසග කුසලතා කැප කරමින් ස්වේඡාවෙන් හා මහත් කැපවීමෙන් ජාතික මෙහෙවරක් ඉටු කරන සමථ මූල මණ්ඩල සභාපතිවරුන් ඇතුළු සියලූ සමථකාර මණ්ඩල සාමාජිකයන් හට ගෞරවය පුද කිරීම සඳහා සෑම වර්ෂයකම සමථ මණ්ඩල දිනය සමරනු ලැබේ.
සමථ මණ්ඩල කොමිසන් සභාවේ නව වෙබ් අඩවිය වන www.midiation.com වෙබ් අඩවිය අද එළිදැක්වුනේ ද ජනාධිපතිතුමා අතිනි.
1991 වර්ෂයේ පිහිට වූ ආරම්භක සමථ මූල මණ්ඩලයන්හි සේවය සඳහා පත්වීම් ලද තවදුරටත් අඛණ්ඩව සේවය කරන සමථකරුවන් 07 දෙනෙකු විශේෂ ඇගැයීමට ලක් කිරීම ද මෙහි දී සිදු කෙරිණි.
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා මහතා විසින් සමථ මණ්ඩල අත් පොත ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
ඇමතිනී තළතා අතුකෝරාළ, විජයපාල හෙට්ටිආරච්චි, නීතිපති ජයන්ත ජයසූරිය, අධිකරණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් පියුමන්ති පීරිස්, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් රාජිනි අතපත්තු යන මහත් මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.