විනිමය අර්බුදය හමුවේ ලෝකයේ බොහෝ රටවල පොලී අනුපාත වෙනස් කළද ශ්රී ලංකා මහ බැංකුව නොවෙනස්ව එය පවත්වාගෙනයාමට තීරණයකර තිබෙනවා. ඇමෙරිකා ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ දියුණුවෙමින් පවතින බොහෝ රටවල පොලී අනුපාත වෙනස් කිරීමට මෑත කාලීනව පියවර ගෙන තිබෙනවා. ශ්රී ලංකා මහ බැංකුවේ හයවන මුදල් ප්රතිපත්ති විවරණය ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී මේ බව ප්රකාශ කෙරුණා. ඩොලරයේ අර්බුදය හමුවේ රජය දැනට ගෙන ඇති පියවර සාර්ථක වී ඇති බවද ආචාර්ය අනිල් පෙරේරා මහතා මෙහිදී ප්රකාශ කළා.