තුන්වැනි ලෝක යුද්ධයකට රටවල් තල්ලු කරන අර්බුදය
Related Articles
2008 ආරම්භ වූ ලෝක ආර්ථික අර්බුදය තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා රටවල් තල්ලු කරමින් සිටින බව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් මහතා පවසනවා. මේ අයුරින්ම බැංකු නව දහසක් අකර්මන්‍ය වීමෙන් ආරම්භ වූ 1929 ලෝක ආර්ථික අර්බුදය දෙවැනි ලෝක යුද්ධයට පදනම දැමූ බවයි ඔහු සිහිපත් කරන්නේ.
ලෝක සමාජවාදී වෙබ්අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩල සභාපතිවරයා මෙන්ම ඇමරිකා සමාජවාදී සමානතා පක්ෂයේ සභාපතිවරයාද වන ඩේවිඩ් නෝර්ත් මහතා මේ දිනවල ලංකාවට පැමිණ සිටිනවා. ද රෂියන් රෙවොලූෂන් ඇන්ඩ් දි අන්ෆිනිෂ්ඩ් ටුවෙන්ටියත් සෙන්චරි, ද හෙරිටේජ් වී ඩිෆෙන්ඩ් සහ ක්වාර්ටර් සෙන්චරි ඔෆ් වෝ වැනි විශිෂ්ට කෘති රැසක කතුවරයා වන්නේද ඩේවිඩ් නෝර්ත් මහතායි. ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට ඒ මහතා අද සහභාගි වුණා.
ඩේවිඩ් නෝර්ත්,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී හා කොළඹ නව නගර ශාලාවේදී ඉතිහාසයේ පාඩම් යන තේමාව යටතේ නෝර්ත් මහතාගේ දේශන දෙකක් ලබන 03 සහ 07 වනදා පැවැත්වීමට නියමිතයි.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment