ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන 500 ක්
Related Articles
ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන 500 ක් රට පුරා ඉදිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරි වසර තුන තුළ එම කටයුතු සිදු කිරීම අපේක්ෂාවයි. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උලෙළට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
34 වන සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. ක්‍රීඩා ක්ෂේත්රයේ අභිවෘද්දිය වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව සමග එක්ව අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල පිහිටුවා තිබෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් සැළසීම එහි අරමුණයි. අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවද නගාසිටුවීමට රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment