ලබන 08 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික හොකී සංගමයේ නිලවරණය යලි කල් යෑමේ තත්වක් මතුව තිබෙනවා. ජාතික හොකී සංගමය 2015 වසරේ සිට පාලනය වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේයි. ඒ හොකී සංගමයේ හිටපු සභාපති සුමිත් එදිරිසිංහ මහතා ඇතුලු පිරිසකට අධිකරණයේ විභාග වන නඩුවක් හේතුවෙන්.
නඩුවෙන් පෙන්වා දී ඇත්තේ සභාපතිවරයා ක්‍රීඩා පනත උල්ලංඝණය කරමින් එම තනතුරේ රැදී සිටින බවයි. කෙසේ වෙතත් අධිකරණයේ උපදෙස් මත නිලවරණය ලබන 08 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කරනු ලැබුවා. ඊට නාමයෝජනා භාරගැනීම පසුගිය 14 වැනිදායින් අවසන් වුණා. නාමයෝජනා සදහා ඉදිරිපත්වූ විරෝධතා පිලිබද ප්‍රකාශ කිරීමට නියමිතව තිබුනේ පසුගිය 18 වැනිදායි. එහෙත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා සංගම් වෙත දැනුම් දීමක් සිදුකර නැහැ. මෙම තත්වය හමුවේ හොකී සංගමයේ නිලවරණය යලි කල් යනු ඇති.