කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 35 කට ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානය කිරීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී බෙදා දුන් ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 25 කට ආසන්නයි. එක්පාසලක් වෙනුවෙන් ලබා දුන් ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක වටිනාකම රුපියල් 75 000 ක්. එහිදී කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 04 ක් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානය කිරීම ද කැපී පෙනුනා. ඩන්කන් වයිට් ග්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයට එම පාසල් ක්‍රිකට් කණ්ඩායම් එක්ව සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම භාණ්ඩ ලබා දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුවයි.