ඇතැමුන් යළි බලය ලබාගැනීමට උත්සාහ කරන්නේ පවුල් බලය ශක්තිමත් කර ගැනීමට මිස ජනතා යහපත සදහා නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
[ot-video type=”youtube” url=”https://youtu.be/1DDbeWU4IcU”]
ස්වාමි විපුලානන්දර් කෝට්ටම් උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මඩකලපුව,කෝරලේපත්තු මුරාවෝඩෛ තමිල් හි ඉදිකළ ගම්මානය නිවාස තිහකින් සමන්විතයි. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 273 ක්. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණ 130 වන ආදර්ශ ගම්මානය මෙයයි. විසිරි නිවාස ණය ප්රදානය/ සොදුරු පියස ණය ප්රදානය සහ ස්වයං රැකියා උපකරණ බෙදාදීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව සිදු කෙරුණා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.