එලොන් මස්ක් කියන්නේ සුප්‍රසිද්ධ ටෙස්ලා සමාගමේ සභාපතිවරයා. ඔහු ලොව පුරා ජනප්‍රිය වූයේ නව නිපැයුම් පිළිබඳව ඔහුට තිබෙන නිර්මාණශීලි අදහස් නිසා. මෑතකදී ටෙස්ලා සමාගම පෞද්ගලික සමාගමක් බවට පත්කරන බවට වංචාවක් කරමින් සමාගමේ කොටස් අගය වැඩිකර ගැනීමට උත්සාහ කළ එලොන් මස්ක්ට සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බව විදෙස් වාර්තා වෙනවා.
තම ඉලෙක්ට්‍රික් මෝටර් රථ සමාගම කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කර පෞද්ගලික සමාගමක් බවට පත්කරන බවට ඔහු පසුගිය අගෝස්තු මාසයේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා. මීට අවශ්‍ය අරමුදල් තමන් සම්පාදනය කරන් බවත්, මේ සමගම සමාගමේ කොටසක අගය ඇ.ඩො.420ක් පමණ වනු ඇති බවත් ඔහු සඳහන් කර තිබුණා.
මෙම ට්විටර් පණිවුඩයත් සමග සමාගමේ කොටස් අගය තරමක් ඉහළ ගිය අතර, පසුව යළිත් කඩා වැටීමක් දක්නට ලැබුණා. ඒ අනුව, එලොන් මස්ක් හිතාමතාම තම සමාගමේ කොටස් අගය වැඩිකර ගැනීමේ අරමුණින් වංචා සහගත ලෙස නොමග යවනසුළු තොරතුරක් සිය කොටස් හිමියන්ට හා සමාජයට ලබාදී ඇති බව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පවසනවා.
බ්‍රිතාන්‍යයේ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් එලොන් මස්ක් වංචාවක් සිදුකර ඇති බවට නිවේදනය කිරීමත් සමග ඔහුට සභාපති ධුරය අත්හැරීමට මෙන්ම දඩයකටද යටත් වීමට සිදු වේවි. කෙසේ වෙතත්, ඔහුට තවදුරටත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ පමණක් රැඳී සිටිය හැකි අතර, සභාපති ධුරය වසර තුනකට අත්හැරීමට සිදු වේවි කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ චෝදනා ඔප්පු වුවහොත් ටෙස්ලා සමාගමට ඇ.ඩො.මිලියන 20ක දඩයක් ගෙවීමටද ඔහුට සිදු වේවි.