හත් වන රෙඩ් බුල් කැම්පස් පන්දුවාර 20 යි 20 ක්රිකට් ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකාව සමත්වුණා. ඒ අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය කරමින්. රටවල් 06 ක් නියෝජනය කරමින්කණ්ඩායම් 06 ක් තරගාවලියට එක්ව සිටියා. එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ සත්කාරක ශ්රී ලංකාව හා ඉන්දියාවයි.
කොළඹ එස් එස් සී ක්රිකට් ක්රීඩා පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ශ්රී ලංකාව තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 211 ක් ලබා ගැනීමට සමත්වුණා. පිලිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි ශ්රී ලංකාව ජයග්රහණය වෙත දිනෙත් ටිමෝද්ය ලකුණු 54 ක් ලබා ගනිමින්කැදවාගෙන ගියා.
කෙසේ වෙතත් උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට එක් ලකුණක් ජයග්රහණය වෙනුවෙන් ලබා ගත යුතු වුණා. එම ලකුණ සම්පූර් ණ කර කඩුලු 04 ක ජයග්රහණයක් ලබා ගනිමින් රෙඩ් බුල් කැම්පස් ක්රිකට් ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකාව සමත්වුණා.අවසන් මහා තරගයේ වීරයා සම්මානය ශ්රී ලංකා කණ්ඩායමේ දිනෙත් ටිමෝද්ය දිනා ගත්ත