මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්වලත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍ය දෙපාර්ථමේන්තුව නිවේදනය කරනවා.
මේ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් අවදානයෙන් පසු වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/s00O4CVaYLg”]
ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වැසි හේතුවෙන් අකුරන නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූණා. නගර මධ්‍යයේ අඩි 5ක් පමණ උසට ජලය රැදී තිබෙන අයුරු ද දැක ගත හැකි වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් මහනුවර මාතලේ මාර්ගයේ පැවතුනේ දැඩි රථ වාහන තදබදයක්.
බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටව පවතිනවා. බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග මහවෙල පාලම අවහිර වී බදුලු ඔය ද පිටාර ගැලීමෙන් වගා බිම් රැසක් විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ.
නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව සමග නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යට වීම නිසා රථ වාහන ගමනාගමනයට බාධා එල්ලවුණා. නගරයේ වැසි ජලය ගලා බසින කාණු පද්ධති අවහිර වීම හේතුවෙන් අධික වර්ෂාව පවතින අවස්ථාවලදී නගරය මෙලෙස ජලයෙන් යට වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මේ අතර දකුණු මුහුදු තීරයේ පවතින දැඩි සුළං තත්ත්වය සමඟ මුහුදු රළ ගොඩබිමට ගලා ඒම හේතුවෙන් ගාලු පාරේ ඇතැම් ස්ථාන මුහුදු වැලිවලින් පිරී ගොස් පැවතුණා. මේ හේතුවෙන් අකුරල , කහව , ආදී ප්‍රදේශවල මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා. මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල ඉංජිනේරු කාර්යාලය මැදිහත් වීමෙන් මාර්ගයේ තැම්පත්ව තිබූ වැලි තට්ටු ඉවත් කිරීමට කටයුතු කෙරුණා. මේ වන විට එහි ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව තිබෙනවා.
දැඩි සුළගත් සමග මුහුද රළු වීම හේතුවෙන් කළුතර කැලිඩෝ වෙරළතීරය දැඩි ලෙස ඛාදනයට ලක්ව තිබෙනවා. එය අසල මාර්ගයද වැලි වලින් පිරී යාම නිසා ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. වැලි ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කර දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.