ලෝක සමාජවාදි වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් මහතා දිවයිනට පැමිණියා. සමාජවාදී සමානතා පක්ෂයේ පනස් වැනි සංවත්සරයට සහභාගී වීම සදහායි ඒ මහතා මෙරටට පැමිණියේ. ඒ එම පක්ෂයේ විශේෂ ආරාධනයකට අනුවයි. පක්ෂයේ නියෝජිතයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළේදී ඩේවිඩ් නෝර්ත් මහතා පිළිගත්තා. සමාජවාදී සමානතා පක්ෂයේ 50 වෙනි සංවත්සරය වෙනුවෙන් ඔහු විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතයි.