Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික බැඩ්මින්ටන් සංගමය නව පරිපාලනයක් යටතට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 11:20

ජාතික බැඩ්මින්ටන් සංගමය නව පරිපාලනයක් යටතට

ජාතික බැඩ්මින්ටන් සංගමය නව පරිපාලනයක් යටතට පත් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කරනවා. ජාතික බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය අත්හිටුවීමට වාරණ නියෝගයක් පසුගියදා නිකුත් කරනු ලැබුවා. ඒ අනුව සභාපතිවරයා ලෙස නිශාන්ත ජයසිංහ මහතා ඇතුළු අතුරු කමිටුවක් පත් කිරීමටයි ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේ. එම කමිටුවේ සාමාජිකයින් පස් දෙනෙකු නම්කර සිටියා. විටින්විට එම සාමාජිකයින් බැඩ්මින්ටන් අතුරුකමිටුවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළා.

මේ වනවිට ජාතික බැඩ්මින්ටන් අතුරු කමිටුවේ ඉතිරිව සිටින්නේ සභාපති නිශාන්ත ජයසිංහ මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරී සුභානි උඩලමත්ත මහත්මිය පමණයි. මෙම තත්ත්වය සළකා ඉදිරියේ දී ජාතික බැඩ්මින්ටන් සංගමය සදහා වෙනත් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැළසුම්කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 11:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්