Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශය අවසන් මහා තරගයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 16:17

බංග්ලාදේශය අවසන් මහා තරගයට

පිට පිට දෙවන වරටත් ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශය සමත්වුණා. ඒ සුපිරි කණ්ඩායම් හතර වටයේ තරගයේදී පාකිස්ථානය ලකුණු 37 කින් පරාජය කිරීමත් සමගයි.අබුඩාබි හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශය තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සිටළුදෙනා දැවී ලකුණු 239 ක් ලබා ගැනීමට සමත්වුණා. මුෂ්ෆිකර් රහිම් ලකුණු 99 ක් ඉනිමට එක්කළා. මොහොමඩ් මිතුන් ලකුණු 60 ක් රැස්කළා. පන්දු යැවීමේදී ජුනයිඩ් ඛාන් කඩුලු 04 ක් දවා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට ඉඩ ලැබුනේ නැහැ. මේ අනුව පිතිකරුවන් 07 දෙනෙකු යලි ක්‍රීඩාගාරයට හැරී ගියේ ලකුණු 10 සීමාව පසුකිරීමටත් පෙරයි. ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් හුදකලා සටනක නිරත වෙමින් ලකුණු 83 ක් රැස්කිරීමට සමත්වුණා. එම් රේමන් කඩුලු 04 ක් දවා ගත්තා. මේ අනුව පාකිස්ථානයට සිටළුදෙනා දැවී ලකුණු 202 ක් පමණයි. මෙම ජයග්‍රහණයත් සමගින් ඉන්දියාව සමගින් අවසන් මහා තරගයට හෙට (28) ක්‍රීඩා කිරීමට බංග්ලාදේශය සුදුසුකම් ලබා ගත්තා. 2016 වසරේදීත් මෙම කණ්ඩායම් දෙක ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙනවා. එහිදී කඩුලු 08 ක පහසු ජයක් හිමිවුනේ ඉන්දියාවටයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 16:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්