වසර දහයකට පසුව දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙසේ දුම්රිය ගාස්තු සංශෝධනය කෙරෙන්නේ 2018 අයවැය යෝජනාවකට අනුවයි. රාජ්ය ආයතන විසින් ලබාදෙන සේවාවන් සදහා ගාස්තු අය කිරීමේදී අදාළ සේවාව සැපයීම සදහා වන පරිපාලනමය වියදම ආවරණය වන ආකාරයට ගාස්තු සංශෝධනය කිරීමට යෝජනා වී ඇති තිබෙනවා.
ඒ අනුව පසුගිය වසර තුනක කාලය තුළ අවමය සියයට පහළවකින් හෝ ගාස්තු සංශෝධනය නොකළ ආයතනවල ගාස්තු සංශෝධනය කරන ලෙස මහා භාණ්ඩාගාරය උපදෙස් දී තිබෙනවා. 2018 ඔක්තෝබර් මස පළමුවනදා සිට දුම්රිය දෙපාර්තමේන්තුවේ ගාස්තු සංශෝධනය සිදු කෙරෙන්නේ මේ අනුව බවයි ශ්රී ලංකා දුම්රිය සේවය පවසන්නේ.
මෙම සංශෝධනයේදී කලින් පැවති අවම ගාස්තුව වන තුන්වන පන්තියේ රුපියල් 10, දෙවන පන්තියේ රුපියල් 20 සහ පළමු පන්තියේ රුපියල් 40 වෙනස් නොවේ. අවම ගාස්තුවට යා හැකි උපරිම දුර කලින් පැවති දුරට වඩා අඩු කර තිබෙනවා. ඒ අනුව මීට පෙර රුපියල් 10ට ගමන් කළ හැකිව තිබුණු අවම දුර කිලෝමීර් 9කි. දැන් එය කිලෝමීටර් 7 දක්වා අඩු කර තිබෙනවා. මෙම සංශෝධනය සමග වාර ප්රවේශපත්ර ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ නැහැ.
වසර 10 කට පසු මෙසේ දුම්රිය ගාස්තු සංශෝධනය වුවද එය දැනට පවතින බස් ගාස්තුවට වඩා අඩුවෙන් පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.