Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව අසරණ කළ ඇෆ්ගන් පන්දු යැවීම

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 09:47

ඉන්දියාව අසරණ කළ ඇෆ්ගන් පන්දු යැවීම

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ ඇෆ්ගනිස්තානය සමග පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමා කරමින්. ඩුබායි හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්තානය තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 252 ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව එක් පන්දුවක් ඉතිරිව තිබියදී සියලු දෙනා දැවී ලකුණු 252 ක් ලබා ගත්තා. මේ අනුව තරගය නිමා වුණේ ලකුණු සමවීමෙන් ජය පරාජයෙන් තොරවයි. මෙම තරග ප්‍රතිඵලයත් සමග තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට යළිත් ඇෆ්ගනිස්තානය තහවුරු කළා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 09:47
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්