Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලදිවයින් හිටපු ජනාධිපතිට හා නව ජනාධිපතිට අගමැතිගෙන් සුබපැතුම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 18:42

මාලදිවයින් හිටපු ජනාධිපතිට හා නව ජනාධිපතිට අගමැතිගෙන් සුබපැතුම්

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබද මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමින් මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසාදය පිරිනැමුවා.  ඒ මහතා සමග දුරකථනයෙන් සාකච්ඡා කළ අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඕනෑම් අවස්ථාවක ශ්‍රී ලංකාව ඒ මහතා සාදරයෙන් පිළිගන්නා බවයි.

මාලදිවයින් මැතිවරණයෙන් ජයග්‍රහණ කළ ඊබ්‍රහිම් මොහොමඩ් සෝළි මහතාට ද අග්‍රාමාත්‍යවරයා  දුරකථනයෙන් ඇමතා සුභපැතුම් එක් කළා. මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු වන  මොහොමඩ් නෂීඩ් මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

මාලදිවයිනේ දේශපාලන  තත්ත්වය  හා කලාපීය දේශපාලන කටයුතු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් මාලදිවයිනේ සිදු කර ඇති ආයෝජනද අග්‍රාමාත්‍යවරයා අගය කළා. මාලදිවයිනේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහයෝගය අපේක්ෂා කරන බවයි නෂීඩ් මහතා පෙන්වා දුන්නේ.

මාලදිවයින් නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවට එක්වන ලෙසද ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළා.

.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 18:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්