Life+News The Official News Portal of Independent Television Network Ltd

කීත් නොයාර්ට පහරදීම සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂව ප්‍රකාශය අධිකරණයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 17:06

කීත් නොයාර්ට පහරදීම සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂව ප්‍රකාශය අධිකරණයට

කීත් නොයාර්ට පහර දීම සම්බන්ධ ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රකාශය අධිකරණයටමාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස්  පහරදීමේ සිද්ධිය සම්බන්ධ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාගයට ගැනුණා. ඇප මත නිදහස් වී සිටින අටවන විත්තිකරු වන හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී එවකට යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු විත්තිකරුවන් 08 දෙනා අධිකරණයේ පෙනී සිටියා. පරීක්ෂණවල ප්‍රගතිය පිළිබද වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබා දුන් ප්‍රකාශය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් කපිල වෛද්‍යරත්න මහතා දොම්පේ බදුවත්තේ පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශ නිවස්නය ගැන ලබා දී තිබූ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මෙම නඩුව දෙසැම්බර් මස 11 වනදාට කල් තැබුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 17:06
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්