07 වන වරටත් සංවිධාන කළ පාසල් ඔරු පැදීමේ තරගාවලියේ බාලක ශූරතාව කොළඹ රාජකීය විදුහල දිනාගත්තා. එහි බාලිකා ශූරතාව හිමි වූයේ කොළඹ මියුසියස් විදුහලටයි.
දින තුනක් පුරා කොළඹ ඔරු පැදීමේ සංගම් බේරේ වැව පරිශ්‍රයේ පැවති තරගාවලියට පාසල් 16 ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටියා. ඔවුන් වයස් කාණ්ඩ 04 ක් යටතේ තරගබිමට පිවිසියා. තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ බාලක ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය දිනාගනිද්දී කොළඹ මියුසියස් විදුහලයි බාලිකා ශූරතාව දිනාගත්තේ. මෙවර තරගාවලියේදී ඉහළ තරගකාරීත්වයක් පැවති බව ජාතික පාසල් ඔරු පැදීමේ සංගමය සදහන් කරනවා.