ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළි දිනේෂ් චන්දිමාල්ට ලබාදී තිබෙනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කරනු ලැබූ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනුයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසර තුල එක්දින ජාත්‍යන්තර තරගාවලි 05 කට ක්‍රීඩා කර තිබෙනවා. ඒ නායකයින් 04 දෙනෙකු යටතේයි. පසුගිය ජනවාරි මාසයේ බංග්ලාදේශයේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත්වුණා. එහෙත් ඉන් මාස 08 කට පසු ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආසියා කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වන්නේ ලකුණු 137 කින්. එම තරගයෙන් අනතුරුව ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයේදී ද ශ්‍රී ලංකාව ලකුණු 91 කින් පරාජයට පත්වුණා. මෙම පරජයන් හමුවේ එක්දින හා පන්දුවාර 20 යි 20 නායකත්වයෙන් ඉවත්වීමට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ලබන මස 10 වැනිදා සිට ආරම්භවීමට නියමිත එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට නම්කර ඇත්තේ දිනේෂ් චන්දිමාල්. කෙසේ වෙතත් මෙම තරගාවලියේදී පන්දුවාර 20 යි 20 තරගයක්ද ලබන මස 27 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ අනුව එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ කවුරුන්දැයි මෙතෙක් නම්කර නැහැ.