Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝකටත් තෛලය කල් ඉකුත් වූ බව පෙන්වූ මහින්දගේ බුද්ධි මණ්ඩලය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 18:40

කෝකටත් තෛලය කල් ඉකුත් වූ බව පෙන්වූ මහින්දගේ බුද්ධි මණ්ඩලය

ලංකාවේ ආර්ථිකය වැටිලාය. ඩොලරය 200 ට යන්නේය. බඩු මිළ අහස උසට යන්නේය..දැන් කාලා හමාරය.. ආර්ථිකය අර්බුදයක් අත ළඟය… මේ දිනවල විපක්ෂය් යැයි කියන කණ්ඩායම් මතුරණ මන්තර කිහිපයකි.  එහෙම මැතිරුවාට රටේ මිනිස්සු ආවේශ වෙනනේ නැත. මොකද එහෙම ගැටලුවක් ඇත්තටම නැති නිසාය.. නැති අර්බුද මතු කරමින් ඒකාබද්ධ විපක්ෂය පසුගිය වසර තුන පුරාම එක එක තොවිල් නැ‍ටුවාට  අන්තිමට බෙරේ පලුවකුත් නැතුව ඒවා අහවර විය.

තවත් කරකියා ගත නොහැකි   තැන ඊයේ තමන්ගේ අසාහාය නායකයා මහින්ද රාජපක්ෂව මාධ්‍ය හමුවකට වාඩි කරවා අන්තිම තුරුම්පුව ගැසීමට මහින්දගේ පුරෝහිතයන් කිහිප දෙනා කටයුතු කළේය . මහින්ද ආවේ රටේ ආර්ථිකයට වී ඇතැයි කියන් වින්නැහියක් ගැන කතා කරන්නටය. සහයට ඩැනීලා ලෙස ජීඑල්, දිනේශ්, විමල් ,උදය පුරෝහිත බමුණන් හතර දෙනා සිටියේය. මේ මහින්දගේ බුද්ධි මණ්ඩලයයි.

තමන්ට ලියා දුන් ඉලක්කම් ගොඩක්  අමාරුවෙන් කියවා ගත් මහින්ද  මාධ්‍යවේදීයෙක් ඒ ඉලක්කම් එසේ වීමට හේතුව ඇහුවාම  නිරුත්තර විය. රුපියල කඩා වැටීම ගැන කතා කරන්න ආ මහින්දට තමන් බලාගෙන කියෙව්වේ මොකක්ද යන්න ගැනවත් අවබොධයක් තිබුනේ නැති බව පැහැදිලි විය.  තමන්ට බලය ආවම ප්‍රශ්නේ විසඳනවා යැයි ඕන මැට්ටෙකුට  කිව හැකි කතාවකි.   උත්තරය දන්නේ නැති ප්‍රශ්න අහනකොට මාධ්‍ය ආයතනය කුමක්ද යයි පෙරලා ප්‍රශ්න අසන තැනට මහින්ද සහ ඔහුගේ පුරොහිත නඩය  පත්වීමත් අහම්බයක් නොවේ. ඒ පුරුද්දය.  ඒ කාලයේ මාධ්‍යවේදීන් තෝර තෝරා ඝාතනය කිරීමේ පුරුද්ද රාජපක්ෂලාට තිබිණි… ඊයේ සිදු කළේද  මාධ්‍ය ආයතනවලට  අයුතු තර්ජනයක් විනා වෙනකක් නොවේ.  රාජපක්ෂලාගේ ආණ්ඩුවක් තිබුනා නම් මෙහෙම ප්‍රශ්න කරන්න ලැබෙන්නෙ නැත. මාධ්‍ය වේදියා මරණ සහතිකය ලියා ගෙන ප්‍රශ්න ඇසිය යුතුය..  .

කීත් නොයාර්ව පැහැර ගෙන ගොස් ඝාතනයක කිරීමට ගත් උත්සාහය ගැන මහින්ද අමතක කර තිබේ.නමුත් ඒ ප්‍රශ්නය අහනකොට රාජපක්ෂලාට ඌරු ජුවල් නගී. මාධ්‍ය ආයතනය අනුව උත්තර දෙන බව කියන්නට තරම් රාජපක්ෂලාගේ මජර ගතිය ඊයේ මතු විය..

රාජපක්ෂලාගේ පසුගිය පාලනය ක්‍රියාත්මක වූයේත් එසේය.. රාජ්‍ය පාලනය යනු කුමක්ද යන්න රාජපක්ෂලා දැනගෙන හිටියේ නැත.. තමන්ට මේ රටේ ජනතාව ගැන වගකීමක් තිබෙන බව රාජපක්ෂලා දැනගෙන හිටියේ නැත.. එහෙම හැඟීමක් දැනීමක් තිබුණා නම් මේ රට විකුනගෙන කන්නේ නැත. රටේ දේපොළ හොරකම් කරන්නේ නැත.ඩොලර් බිලියන ගණනින් මුදල් ඩුබායි ගිනුම්වල තැනපත් වෙන්නේ නැත. දේශපාලන විරුද්ධ මත දරන්නන් ඝාතනය වෙන්නේ නැත.  අද රට මුහුණ දි තිබෙන ණය උගුලටත් මුලුමනින්ම වගකිව යුතු වන්නේ මේ රාජපක්ෂලාගේ බඩ වඩා ගැනීමේ වුවමනාවය.

එහෙව්  රාජපක්ෂලාට රට යළි බාර දීමට තරම් මේ රටේ බහුතරය මොකවත් නොදන්න මෝඩයින් නොවේ.   කොහොම උනත් මහින්දව මාධ්‍ය හමුවකට ගෙනත්  ඒකාබද්දේ කට්ටියට අවසානයේ කෝකටත් තෛලය වූ මහින්දව කල් ඉකුත් වූ වැඩකට නැති තෛලක්  බව පෙන්වා දීම වැදගත්ය.

සිංහල ජනවහරේ කතාවකින් කියනවා නම් ,  මහින්දට වුනේ  නොදන්නා දෙමළයට ගොස් වරිගේ නහ ගන්නවා වගේ වැඩක්ය.

-දැක්ම-

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 18:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්