දඹුල්ල මාතලේ ප්රධාන මාර්ගයේ පනම්පිටිය ලෙනදොර ප්රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
යතුරුපැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ යතුරුපැදියේ ගමන්ගත් 24 හැවිරිදි තරුණයෙක්. ඔහු මාතලේ නාලන්ද ප්රදේශයේ පදිංචිකරුවෙකු වනවා. ටිපර් රථයේ රියදුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය ප්රකාශ කළේ.