රුපියල් කෝටි හයක් වටිනා වාලම්පුරයක් සමග අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැණුනේ මාතර දෙවිනුවර ප්රදේශයේදී. ඒ කොක්මාදුව පොලිස් විශේෂ බලකාය සිදුකළ වැටලීමකින්. අත්අඩංගුවට ගත් දෙදෙනා අතර හිමිනමක් ද වන බවයි පොලිසිය ප්රකාශ කළේ. සෙන්ටිමීටර 39 ක වට ප්රමාණයකින් සහ සෙන්ටිමීටර 46 ක දිගින් යුත් වාලම්පුරිය විදේශිකයෙකුට අලෙවි කිරීමට සුදානම් කර තිබුණා. කිලෝග්රෑමයකට වැඩි බරින් යුත් එය රුපියල් කෝටි හයක් පමණ වටිනා බවයි හෙළිවුණේ.