සංචාරක ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායම හා ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අතර පැවති තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය ක්රීඩිකාවන් සමත්වුණා.
තරගය පැවැත්වුණේ කොළඹ සී සී සී ක්රීඩාංගනයේ දීයි. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දීමට ශ්රී ලංකා ක්රීඩිකාවන්ට ආරාධනා කළා. ඒ අනුව ශ්රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 131ක් ලබා ගත්තා. ශෂිකලා සිරිවර්ධන ලකුණු 35ක් සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 31ක් රැස් කළා. ඉන්දීය ක්රීඩිකාවන් පන්දුවාර 18යි පන්දු දෙකක දී කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 137ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.