Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2018 11:57

දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක්

දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග රජය වශයෙන් ගැනීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය. වාර්ෂිකව මෙරටට ආනයනය කරනු ලබන බඩඉරිඟු නිසා දේශීය ගොවියා අකර්මන්‍ය වීම වැළැක්වීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදින කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ඇතැම් ව්‍යාපාරිකයින් විසින් දේශීය ගොවියා අස්වැන්න නෙලා ගන්නා අවස්ථාවේදී විදේශ රටවලින් බඩඉරිඟු මෙරටට ආනයනය කරන නිසා තම නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව අපේ රටේ ගොවීන් බඩඉරිඟු වගාවෙන් ඉවත්වීම සිදු වේ.මෙම තත්ත්වය වළක්වාලීම සඳහා බඩඉරිඟු නිෂ්පාදන මිලදී ගන්නා ආයතන, වාණිජ බැංකු, ආහාර සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඇතුළු ආයතනවල නිළධාරින් සමඟ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

2018 වර්ෂය තුළ සමස්ත බඩඉරිඟු අවශ්‍යතාවය මෙ.ටො 3,10,012කි. මීට අමතරව සත්ව ආහාර වශයෙන් තවත් බඩඉරිඟු විශාල තොගයක් ආනයනය කිරීමට කටයුතු යොදා තිබුණත්, අමාත්‍යවරයා කියා සිටියේ දේශීය බඩඉරිඟු ගොවියාගේ නිෂ්පාදන මිලදී නොගන්නා කිසිදු ආයතනයකට මින් පසු බඩඉරිඟු ආනයනය සඳහා අවසර නොදෙන බවයි.

රජයේ ප්‍රතිපත්තිය දේශීය ගොවියා ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීමයි. එම නිසා බඩඉරිඟු වගාව සඳහා ගොවීන්ට බඩඉරිඟු වගාවට ණය ලබා දීමට කටයුතු කරන ලෙස මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුළු බැංකුවලින් ඉල්ලීමක් කළේය.එමෙන්ම බඩඉරිඟුවලට අමතරව මුං, කව්පි, සෝයා, මිරිස්,ලූනු වැනි බෝග වර්ග වගා කිරීම සුලබ කිරීම සඳහා ගොවීන් දිරි ගැන්වීමට ඔවුන්ට ණය පහසුකම් සලසා දෙන ලෙස ද අමාත්‍යවරයා බැංකුවලට දැනුම් දුන්නේය.

මීට අමතරව බඩඉරිඟු වගාව සහ දේශීය වශයෙන් බඩඉරිඟු අවශ්‍යතාවය සම්පූර්ණ නොවන අවස්ථාවන්හිදී ආනයනය කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව කරුණු සොයා බැලීමට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරිණි.ඔවුන් විසින් සති දෙකක් තුළ මීට අදාළ වාර්තාව ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා දන්වා සිටියේ ය.මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් බී.විජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2018 11:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar166.78170.65
USA
Pound218.77226.12
UK
Euro194.98202.05
EU
Yen1.461.52
Japan
Yuan23.9825.15
China
Dollar120.18125.40
Australia
CountryCurrencyRate
Dinar447.93
Dinar557.70
Riyal438.68
Riyal46.37
Riyal45.02
Dirham45.97