ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය අතර තරගයෙන් කඩුලු තුනක ජයක් හිමිකර ගැනීමට පාකිස්තානය සමත්වුණා. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 257 ක් රැස්කර ගත්තා. හෂ්මතුල්ලා සහීඩි නොදැවී ලකුණු 97 යි. පන්දු යැවීමේ දී මොහොමඩ් නවාස් ලකුණු 57 කට කඩුලු 3 ක් බිඳහෙලුවා. පිළිතුරු ඉණිම ක්රීඩා කළ පාකිස්තානය පන්දුවාර 49 යි පන්දු 3 කදී කඩුලු හතක් දැවී තිබියදී ජයග්රාහී ඉලක්කය පසුකළා. පාකිස්තාන ජයග්රහනයේ නියමුවා වූ ෂොයිබ් මලික් නොදැවී ලකුණු 51 ක් රැස්කළේ පන්දු 43 කට පමණක් මුහුණ දෙමින්.