නියගයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ලබාදීම සදහා පමණක් රජය රුපියල් මිලියන නවදහසක මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. එල්ලංගා වාරි ප්‍රතිසංස්කරණ දීපව්‍යාප්ත ක්‍රියාන්විතය යටතේ අනුරාධපුර මහවිලච්චිය නබඩගස්දිගිලිය වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා.
කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් බරපතල පීඩාවන්ට පත්වන රටවල් අතුරින් ශ්‍රී ලංකාව හතරවන ස්ථානයට පත්ව තිබෙනවා. එයින් පීඩා විදින ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා රජය අඛණ්ඩව ක්‍රියා කරන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා.
අද වන විට නියගයෙන් පීඩාවට පත් පුද්ගලයන් හාරලක්ෂ විසිදෙදහසකට පමණ වියළි ආහාර ලබාදීම රජය ආරම්භ කර තිබෙනවා. එහෙත් පසුගිය රජය මෙන් වත්මන් රජය එවැනි කටයුතු වෙනුවෙන් අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදෙන්නේ නැති බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි එල්ලංගා වාරි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ මහවිලච්චිය සහ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැව් දාහතක් ප්‍රතිසංස්කරණයට නියමිතයි. සෑම වැවක් ආශ්‍රිතවම ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක්ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික, ධීවර, සංචාරක, නිෂ්පාදන හා සමාජ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
වැව් දෙදහස් හාරසියයක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ දිවයිනේ සෑම පළාතක්ම ආවරණය කෙරෙනවා. යුද හමුදාවේ ඉංජිනේරු බළකාය මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා. පෙර රජ දවස පටන් පැවත එන විශිෂ්ඨ වාරි ඉංජිනේරු සංකල්පයක් වන එල්ලංගා පද්ධති ප්රතිසංස්කරණයෙන් ගමේ වැව් පද්ධතියටම ජලය සැපයීමේ හැකියාව උදා වනවා.
මහවිලච්චිය නබඩගස්දිගිලිය වැවේ ප්‍රතිසංස්කරණ කටයුතුත් සමග මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ ජනාධිපතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙදහස් පන්සිය දෙනෙකුට ඉඩම් ඔප්පු ප්‍රදානයද සිදු කළා. මහවැලි කලාපවල ජනතාවට ඉඩම් ඔප්පු ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන යටතේයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. තණකොළ කපන යන්ත්‍ර ප්රදානයක්ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.
සිරිල් ධර්මවර්ධන පදනම වකුගඩු හා පිළිකා රෝගීන් සදහා නොමිලේ ලබාදෙන ප්‍රවාහන සේවාව අනුරාධපුර රෝහලේදී ආරම්භ කළේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන පිළිකා හා වකුගඩු රෝගීන් යළි නිවෙස් කරා නොමිලේ ප්‍රවාහනය කිරීම මෙම ප්‍රජා සත්කාරය තුළින් සිදු කෙරෙනවා. එමෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලවෙත ගිලන් රථ හතරක් සිරිල් ධර්මවර්ධන පදනම මගින් පරිත්‍යාග කළා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට සහභාගී වුණා.