Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ වත්මන් ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්ෂලාගේ කෂඩ පාලනයට නැවතිය හැකිද?

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 18:58

රටේ වත්මන් ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්ෂලාගේ කෂඩ පාලනයට නැවතිය හැකිද?

තැන තැන ගිනි ඇවිලුණු , තැන තැන මල කඳන් ගොඩ ගැහුණු ,  තැන අඳෝනා නැඟුනු කාලකන්නි යුගය දැන් අවසන්ය.  යුද්ධයට හිමි ම්ලෙච්ඡත්වයෙන්ම යුද්ධය පරාජය කිරීමේ ප්‍රතිවිපාකයන් කෙතරම් නරක වූවත් දැන් එය සිදුව අවසන්ය.  .. ඒ යුද්ධයේ තුවාල තවමත් සනීප වී නැත. තවමත් පෑරෙමින් වේදනා දෙමින් තිබෙන තුවාල තිබේ.

යුද්ධයෙන් පසුව ඊට හේතු වූ කරුණු කාරණා සොයා පිළියම් කිරීම ඉක්මනින් සිදුවූයේ නැත.  තව දුරටත් සිදුවූයේ යුද්ධයේ ප්‍රතිඵල ලෙස අසරණ  වූ ජනතාව තුවක්කු කටෙන් මර්දනය කරමින්  රාජපක්ෂවරුන්ගේ පාලනය ක්‍රියාත්මක වීමයි.  නමුත් ඒ  පාලන සමයත් දැන් අවසන්ය.

නැවත නැවත තුවාල පාරමින් එකිනෙකා කෙරෙහි වෛරයම පතුරවමින් රාජපක්ෂලා ගෙන ගිය බිහිසුණු පාලනය පරාජය කිරීමට පීඩාවට පත් උතුරු නැඟෙනහිර ජනතාව ලබා දුන් දායකත්වය අපතේ ගොස් නැත.  අද ඔවුන්ට එහි ප්‍රතිලාභ ලැබෙමින් පවතී.. දශක ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබූ උතුරේ සංවර්ධනය සෙසු පළාත් හා සමගාමීව වේගවත් ඉදිරියට ඇදෙමින් තිබේ. ඒ යහපාලනයේ අනුහසිනි.

සමස්ත ශ්‍රී ලාංකිකයා බුක්ති විඳින නිදහස සහ අයිතිවාසියම් අද  ඔවුන්ට ද ලැබෙමින් තිබේ.  ඒ වෙනුවෙන් ගත යුතු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් අද සිදුවෙමින් තිබේ.

මේ ගැන තවත් අ‍ටුවා ටිකා අවශ්‍ය නැත. විපක්ෂ නායක ආර් සම්බන්ධන් තේරෙන සිංහලෙන් කිව්වේ මේ ඇත්ත කතාවයි.

තුවාල සුවපත් වෙන්න නම් ඊට හොඳ වෙදකමත්, හොඳ හෙද කමත් විය යුතුය. අද ඒ සිදුවෙමින් තිබෙන බවට තවත් සාක්ෂි අවශ්‍ය නැත.

විපක්ෂයක කාර්ය භාරය වන්නේ සෑම විටම රජයට එරෙහි වීම බව කාලාන්තරයක් තිස්සෙ පුරුදු පුහුණු කළ මෝඩ සම්ප්‍රදායයකි. අද බල ලෝභී රාජපක්ෂ කල්ලිය ඉවක් බවක් නැතිව , කිසිදු පදනමක් නොමැතිව , පට්ටපල් බොරු කියමින් රජය විවෙච්නය කරන්නේ ,රජය පෙරළීමට කුමන්ත්‍රණය කරන්නේ ඒ මෝඩකම නිසා ය. තමන්ගේ බඩ ගෝස්තරය පුරවා ගැනීම  දේශපාලනය කියා කල්පනා කරන රාජපක්ෂලා සහ වහල් බත්බැල නඩය  එහෙම කරන්න ඒ මොඩකම නිසා ය. ඊට වඩා දෙයක් රාජපක්ෂ චින්තනයේ නැති බව පැහැදිලි ය.

විපක්ෂනායක සම්බන්ධන්  මෙරට  ජ්‍යෙෂ්ඨතම පරිණතම  දේශපාලකයකු ලෙස  නවීකාරක මත දරමින් රටේ අභිවෘද්ධය වෙනුවෙන්  පෙනී සිටීම  රාජපක්ෂලාගේ විලිලැජ්ජා නැති කෂඩ දේශපාලන තව දුරටත් හෙළිදරව් කරන්නකි.

දැන්ට මේ ඇති සෙස්ස පස්ස්ට

 

-තත්පර 180-

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 18:58
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්