Life+News The Official News Portal of Independent Television Network Ltd

සීමා නිර්ණය තවත් කල් යයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 17:29

සීමා නිර්ණය තවත් කල් යයි

පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ සමාලෝචන කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට තවත් මාස 2ක පමණ කාලයක් ගතවනු ඇති බවට එම කමිටුව කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා. සීමා නිර්ණය පිළිබඳ තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවකට එළඹීමේ අවශ්‍යතාව මත එම කාලය ගත වන බවයි සමාලෝචන කමිටුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සීමා නිර්ණ සමාලෝචන කමිටු වාර්තාව පිළිබඳ සලකා බැලීම සඳහා කතානායක කරූ ජයසූරිය මහතා විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැඳවූවා. එම වාර්තාව ඉදිරිපත් කිරීමට තවදුරටත් කාලය ගත වන්නේ නම් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. පක්‍ෂ නායකයින් හමුවේ කතානායකවරයා අවධාරණය කළේ කවර තත්ත්වයක් යටතේ වුව ද හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි. මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ සීමා නිර්ණ සමලෝචන කමිටු වාර්තාව තවදුරටත් ප්‍රමාද වීමට ඇති ඉඩකඩ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුකර එහි අදහස් පක්‍ෂ නායකයින් වෙත දැනුම් දීමට කඩිනම් පියවර ගන්නා බවයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 17:29
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්