යහපාලන රජය උදාකර දුන් සැබෑ මාධ්‍ය නිදහස නිවැරදිව භාවිත කිරීම සියලු මාධ්‍ය ආයතනවල වගකීමක් බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6Q44DTUPORU”]
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සම්පාදනය කළ මාධ්‍ය සමීක්ෂා තුන ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට මහතා ග්‍රන්ථයේ සංස්කාරකවරයායි. ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා ප්‍රධාන දේශනය සිදු කළා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති නීතිඥ කොග්ගල බන්දුල වෙල්ලාල මහතා සහ ජනමාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.