Life+News The Official News Portal of Independent Television Network Ltd

බැසිල්ගේ ලිත් නඩුව විභාගය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම විභාගයට දින නියමවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 15:45

බැසිල්ගේ ලිත් නඩුව විභාගය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම විභාගයට දින නියමවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති ලිත් නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම දෙසැම්බර් 13 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන විසිනවයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. එම නඩුව විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට නොගෙන කොළඹ මහාධිකරණයේ වෙනත් උසාවියකට මාරු කරන ලෙසට ඉල්ලමිනුයි පෙත්සම ගොනුකර තිබුණේ.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහි නඩුවේ ද තීන්දුව ලබා දුන්නේ විනිසුරු ගිහාන් කුලතුංග මහතායි. ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ශ්‍රී ලංකා විදුලි සන්දේශන නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය පරිහරණය  කිරීමේ චෝදනාවකට අදාළවයි.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි ලිත් නඩුව විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම වළකාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 14 වනදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 15:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්