වියට්නාම ජනාධිපති ට්රාන් ඩයි ක්වැන් අභාවප්‍රාප්ත වුණා. හැනෝයි නුවර හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වියට්නාම ජනාධිපතිවරයා මිය යන විට 61 වන වියේ පසුවුණා. බරපතල අසනීප තත්ත්වයකින් පසුවූ ඔහුට විදේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඔහු අවසන් වතාවට ජනතාව අතරට පැමිණියේ මීට දින දෙකකට පෙර වියට්නාමයේ හැනෝයි නුවර විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග පැවති රැස්වීමකට සහභාගී වු අවස්ථාවේදීයි. 2016 ජනාධිපති තනතුරට පත්වූ ඔහු වියට්නාමයේ 8 වන ජනාධිපතිවරයායි.