ජපන් අග්රාමාත්ය ෂින්සෝ අබේ සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ මේ මස 26 වනදා නිව්යෝර්ක් නුවර දි. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමිව හමුව පැවැත්වෙන බවයි ජපානය පවසන්නෙ. එහිදි දෙරටටම වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමයි සැළසුම.