Life+News The Official News Portal of Independent Television Network Ltd

වන සතුන්ගෙන් සිදුවන වගා හානි තොරතුරු දැනුම් දෙන්න අංකයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 12:29

වන සතුන්ගෙන් සිදුවන වගා හානි තොරතුරු දැනුම් දෙන්න අංකයක්

වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබදව තොරතුරු ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වගාකෙරෙන බෝගවලින් සියයට තිහත් තිස්පහත් අතර ප්‍රමාණයක් වන සතුන් විනාශ කරන බවට පර්යේෂණවලින් හෙලිවී තිබෙනවා. මේ නිසා වාර්ෂිකව මෙරට සිදුවන වගා හානිවල වටිනාකම රුපියල් කෝටි 1800 ක් පමණ වෙතැයි ගණන් බලා තිබෙනවා. එසේම ගොවීන් 80 කට වැඩි පිරිසක් වාර්ෂිකව වන අලි ප්‍රහාරවලින් මියයන බවද සමීක්ෂණවලින් වාර්තා කරනවා.

මේ වනවිට රිලා සහ වදුරු උවදුරු ඉහළ ගොස් තිබෙනවා. රිලවුන් සහ වදුරන් ලක්ෂ 15 ක් පමණ සිටින බවයි කෘෂි අමාත්‍යාංශය පවසන්නේ. වදුරන් සහ දඬු ලේනුන් දිනකට පොල් ඇට්ටි සහ කුරුම්බා ගෙඩි ලක්ෂ 5 ත් 8ත් අතර ප්‍රමාණයක් විනාශ කරනවා. මෙසේ වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබද තොරතුරු ලබාගෙන ගොවීන්ට යම් සහනයක් සැලසීමටයි කෘෂි කර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙන්නේ. එම තොරතුරු 0112 872094 අංකයට දුරකතනයෙන් හෝ ෆැක්ස් මගින් ලබාදිය හැකියි.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 12:29
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්