Life+News The Official News Portal of Independent Television Network Ltd

ජල පෙරණ ඉදිකිරිමේ 500 වන අදියර ජනපති අතින් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 13:15

ජල පෙරණ ඉදිකිරිමේ 500 වන අදියර ජනපති අතින් ජනතා අයිතියට

අද වනවිට වකුගඩු රෝගීන් අලුතින් එක්වීම අවම වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ වකුගඩු රෝගීන්ට සෙත්පතා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අභියසදී සිදුකෙරුණු ආශිර්වාදාත්මක පිංකමට සහභාගී වෙමින්.

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන වකුගඩු රෝගය පාලනය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටවූවා.

වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශවල ජීවත් වන ජනතාවට පිරිසිදු ජලය ලබාදීමේ අරමුණෙන් ප්‍රති ආශ්‍රැතකරන ජල පෙරණ යන්ත්‍ර ස්ථාපනය ද සිදුකෙරුණා. අද දිනයේ එහි පන්සීය වැනි ප්‍රති අශ්‍රැතකරන ජල පෙරණ යන්ත්‍රයයි අනුරාධපුරය, මිහින්තලේ, කුරුන්දන්කුලම මිහිදු ආරණ්‍ය සේනාසනයේ දී විවෘත කෙරුණේ. නවීන තාක්ෂණය යොදා ගනිමින් ජයශ්‍රී මහා බෝධිය අභියස සිට එය විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් අද සිදුවුණා.

ප්‍රතිආශ්‍රැත කරන ජල පෙරණ යන්ත්‍ර පන්සීයෙහිම එක්කොටගත් පැන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීම පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා.

මෙම පන්සීයවැනි ප්‍රතිආශ්‍රැත කරණ ජල පෙරණ යන්ත්‍රයට මූල්‍ය දායකත්වය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ද තාක්ෂණික කටයුතු සදහා අනුග්‍රහය ශ්‍රී ලංකා නාවික හමුදාව ද ලබාදී තිබෙනවා. ජර්මනියේ බර්ලින් නුවර බෞද්ධ විහාරස්ථානය සදහා ජයශ්‍රී බෝධියේ අංකුරයක් පූජා කිරීම ද මෙහිදී සිදුවුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 13:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්